සිය එකොළොස් හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට වරදකරුවකු වූ එම දියණියගේ පියාට බරපතල වැඩසහිත වසර 110 ක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ හයක වන්දි මුදලක් සහ රුපියල් අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (5) පස්වරුවේදී නියෝග කළේය.
මෙසේ සිර දඩුවම් ,වන්දි මුදල් සහ දඩ මුදල් ගෙවීමට නියෝග කෙරුණේ සිද්ධා මරක්කල පාලිත ද සිල්වා නමැති ඌරගස්මංහන්දිය කොරකීන පදිංචි පියෙකුටය.
මේ සැකකාර පියා 2008 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අවස්ථා ගණනකදීම සිය දියණියට බරපතල ලිංගික අපයෝජනය කළේ යයි කියමින් ඌරගස්මහන්දිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අධිකරණයට කරුණු වාර්ථා කරන ලදි.
එම සෑම අවස්ථාවකදීම සැකකරු සිය දියණියට බරපතල ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවට සාධාරණ සැකයකින් තොරව වරදකරු කල මහාධිකරණ විනිසුරුවරයා සැකකාර පියාට මේ සිර දඩුවම්,වන්දි මුදල් සහ දඩ මුදල් ගෙවීමට නියෝග කළේය.
මව විදෙස් ගතව සිටි කාලයේ සෑම දිනකම බීමතින් පැමිණෙන සිය පියා තමාට බරපතල ලිංගික අපයෝජනය කට ලක් කළ බව අසල්වාසී වැඩිහිටි කාන්තාවකට දැනුම් දීමත් සමගම ඒ සම්බන්ධයෙන් ඌරගහ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මේ සැකකාර පියාට එරෙහිව ඌරගස්මංහන්දිය පොලීසියේ ළමා හ කාන්තා කාර්යාංශය සැකකාර පියා සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන බලපිටිය අධිකරණයේ චෝදනා ගොනු කොට නඩු පවරන ලදි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත