ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරමින් ඉදිකිරීමට යෝජිත මාර්ග පද්ධතිය පළිබඳව වන උසස් මට්ටමේ සාකච්ඡා ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.ඩොලර් බිලියන 5.19 ක (රුපියල් බිලියන 740.613) වියදමක් දරා ඉන්දියාවේ ධනුෂ්කෝඩි සිට ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ඉන්දීය මාර්ග ප්‍රවාහන හා අධිවේගී මාර්ග ව්‍යාපෘති භාර අමාත්‍ය නිටින් ගොඩ්කාරි මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් ක්‍රියාමක වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරකිරීමට යෝජිත මාර්ගයට දුම්රිය මාර්ගයක්ද අතුළත් අතර එය පාලම් මතින් හා උමං මාර්ගවලින් සමන්විතව ඉදිකිරීමට නියමිතය. මාර්ග පද්ධතිය කිලෝමීටර් 22ක දුරකින් යුක්ත වෙයි.
(ඉකොනොමික්ස් ටයිම්ස් ඇසුරෙනි)