වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ බලපෑම නිසා බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවත්, විශේෂයෙන් උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.