10000ක් මදි 20000ක් ඕන කියා රාජ්ය සේවකයෝ මහ පාරට
රාජ්ය සේවකයින්ට රුපියල් 20,000 දීමනාවක් හෝ වැටුප් වැඩි වීමක් වහාම ලබා දෙන ලෙසත් 2016 අය වැය යෝජනාවෙන් අහෝසි කළ පූර්ණ විශ්රාම වැටුප යලි ලබාදෙන ලෙසත් ඉල්ලා රාජ්ය හා අර්ධ රාජ්ය සේවා වෘත්තිය සමිති එකමුතුව (27) දහවල් දිවයින පුරා ක්රියාත්මක උද්ඝෝෂණ මාලාවට සමගාමීව හෝමාගම නගරයේ දී විරෝධතා පෙළපාළියක් හා උද්ඝෝෂණයක් පැවැත්වුණි .
මේ සඳහා ග්රාම නිලධාරින් සංවර්ධන නිලධාරීන් කෘෂිකර්ම නිලධාරීන් සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්ය හා අර්ධ රාජ්ය නිලධාරීන් විශාල පිරිසක් මෙම විරෝධතා පෙලපාලියට හා උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
27 දා දහවල් 12 - 01 අතර කෑම පැයේදී සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වූ විරෝධතාකරුවන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් හෝමාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවය පවත්වා පසුව පෙළපාලියකින් හෝමාගම කඩුවෙල මාර්ගයට පැමිණ හෝමාගම සති පොල භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නියැලුණහ.
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පවත්වා පිරිස සාමකාමිව විසිර ගියහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
