තෙල්දෙණිය පොලිස් වසමේ, මහියංගනය - මහනුවර මාර්ගයේ පිහිටි ප්රධාන ලංගම බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇති බස් නැවතුම්පොලේ සිටි පුද්ගලයන් පිරිසකගේ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එම බස් නැවතුම්පොලේ සිටි පුද්ගලයන් 10ක් තුවාල ලබ ාතෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් කාන්තාවන් 8ක්, පිරිමි පුද්ගලයෙක් හා අවුරුදු 7ක පිරිමි දරුවෙක් තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුකළ අවුරුදු 57ක් වන රියදුරු තෙල්දෙණිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.