ජල විදුලි නිෂ්පාදනය 8%ක් දක්වා පහත වැටී තිබෙන නිසා විදුලිය භාවිතා කිරීමේදී අරපරිස්සමින් සිදුකරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
විදුලි භාවිතය 10%කින් අඩු කළොත් අප්‍රේල් මාසයේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයෙන් බේරීමට හැකියාව තිබෙන බවද එම මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේය.
විදුලි නිෂ්පාදයෙන් නිෂ්පාදනයෙන් 72%ක් තාප විදුලියෙන් නිෂ්පාදනය කරන බවත් මේ නිසා විදුලි ඒකක 04ක් නිපදවා ගැනීමට ඉන්ධන ලීටරයක් වැයවන බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විජේපාල මහතා සඳහන් කළේය.