1 , 7 මාරුවූ මනු කියවන්නාට සිසුවෙකුගෙන් ප්‍රහාරයක්
ජල මනු සටහන්කරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.
පහර කෑ ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පයාගල ස්ථාන භාර නිළධාරී කාර්යාලයට අනුයුක්ත මනු සටහන් කරුවකු වන එන් ඩබ්ලිව් එම් කමල් ලසන්ත මහතා කළුතර මූලික රෝහල වෙත ඇතුළත් ව අංක 32 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
පහර කෑ ජල මනු සටහන්කරු උතුරු පයාගල ප්‍රදේශයේ ජල බිල්පත් නිකුත් කිරීමේ නිරතව සිට ඇති අතර සැකකරු පදිංචි නිවසේ ජල බිල්පතෙහි ඒකක 601 වෙනුවට වැරදීමකින් ඒකක 607 වශයෙන් සටහන් දැමීම සම්බන්ධයෙන් හැකි වූ කතා බහක් දුර දිග යෑමෙන් අනතුරුව මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
සැකකාර සිසුවාගේ පහරකෑමට ලක් වූ මනු සටහන්කරු බිම ඇද වැටී ඇති අතර ඉන් පසුව ද පහර දී ඇති බව ජල මනු සටහන්කරු පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සටහන් වේ.
සැකකාර සිසුවා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය
popular news
-
චමින්ද Thursday, 10 November 2022 08:52 AM
මනුකියවන්නා සම්පූර්ණයෙන්ම වැරදියි මොකද 601 වෙනුවට 607 ක් යෙදුවොත් ආර්ථිකය අපහසුතා තියෙන මේ කාලයේ ඒක ලොකු මුදලක් තමයි .තවත් එකක් අවුරුදු 17 ක දරුවෙකුට එහෙම පහරදීමක් කරන්න අමාරුයි ඒ වගේම කියන්න ඕන මෙම දරුවාට ආර්ථික අමාරුකම් ඇති .තුවාලය තියෙන එකාතමයි (ළමයා ) වේදනාව දන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
