1 හා 2 වසරට ඉංග්‍රීසි පෙළපොත්
පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක් ලබන වසරේ සිට හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
පාසල් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
ජාතික අධ්‍යාපන ආයතනය හරහා පෙළපොත් සම්පාදනය වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට 03 වැනි ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළපොත් ලබාදෙන අතර, ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල සිටම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් සියලුම සිසුන් වෙත ලබාදීම මෙම නව පෙළපොත් ලබාදීමේ අරමුණයි.
මීට අමතරව පෙළපොත් ලබාදීමේදී පෙළපොත් සමග එහි අන්තර්ගතය වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කර සකස් කරන ලද සංයුක්ත තැටි (CD) ලබාදීම පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


