සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ මස 07 වැනිදා මෙම බස් සේවා ක්‍රියාත්මක බවත්, මගීන් 50කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටිනවානම් ඔවුන්ට වෙනම බස් රථයක් ලබාදීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
බස් රථ වෙන්කරවා ගැනීම සඳහා 011 2 825 948 යන දුරකථන අංකයට කතාකිරීමෙන් හැකියාව ලැබෙන බවද හෙතෙම පවසා සිටියේය.