සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබල සාමාජිකාවක වන කුඩු රැජින හෙවත් (කුඩු බට්ටි) හා තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු සමඟ රාජගිරිය කෝට්ටේ පාරෙදි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
එම සැකකරු හා සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 600 ක් හා ජංගම දුරකථන දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක 2හි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුට වයස අවුරුදු 34 කි සැකකාරියට වයස අවුරුදු 40 කි .
ඔවුන් රාජගිරිය සහ තංගල්ල ප්‍රෙද්ශයන් හි පදිංචිකරුවන් ය.
