සියලුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි
එක්සත් ජාතික පක්ෂය නොමැති වුවහොත් රට ඉදිරියට නොයන බවත්, රට ඉදිරියට යාමට නම් රට තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
රට තුළ සිදුකර තිබෙන සියලුම සංවර්ධන කටයුතු සිදුකළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් බවත්, තවදුරටත් රට ඉදිරියට ගෙන යායුතු නම් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය වටා එකතු විය යුතු බවද ඔහු පවසා සිටියේය.
අන්තර්ජාලය හරහා පක්ෂ සාමාජිකත්වය ලබාදීම සඳහා යෙදුමක් (ඇප්) හඳුන්වාදීම සඳහා අද (23දා) පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ඇප් එක හරහා පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට අමතරව පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනය වාර්තා ලබාගැනීමට හා පක්ෂය විසින් සංවිධානය කරන විශේෂ ක්‍රියාකාරකම්වල සජීවී විකාශයන් නැරඹීමටද භාවිතා කළ හැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඡායාරූප ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



