හෙට දිනයේ සිට දිවයිනේ බොහෝ පළාත්වල වියළි හා ශීත (උදෑසන හෝ රාත්‍රී කාල යේදී) කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එසේ වුවත් නැහෙනහිර, ඌව හා උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (03දා) අලුයම 5.30ට නිකුත් කළ නිවේදනයේ වෙයි.
එසේම මධ්‍යම සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.