ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද(03දා) පැවසීය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තුනක් සහ හම්බන්තොට තෙල් ටැංකි තුනක් භාවිත කොට එම ප්‍රදේශවල බලාගාරවලට ඉන්ධන සැපයීමට කැබිනට් අනුමැතිය ලබාගත් බවද ඔහු කීය.
මීට අමතරව මුතුරාජවෙල අත්හැර දමා තිබුණු නළයක් අලුත්වැඩියා කොට ඉන්ධන සැපයීම සිදුකරන බවත්,කුමන තත්ත්වයක් යටතේ වුවද නොකඩවා විදුලිය සැපයීමට අවශ්‍ය කරන සැලසුම් සකස් කර අවසන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.