ජාතික විගණන පනතේ 21 වන වගන්තිය ඉවත් කර මහජන දේපළ වංචා කරන්නන්ට තවදුරටත් දූෂණයේ වංචාවේ නිරත වීමට අවස්ථාව සලසා දීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
පනතේ 21 වන වගන්තියට අනුව රාජ්‍ය මුදල් අවභාවිත කරන රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පනවා නැවත රාජ්‍ය මුදල් අයකර ගැනීමට විගණකාධිපතිවරයාට ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා අද (26දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් එම වගන්තිය ඉවත්කර දැමීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් මෙය පාරාජය කිරීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියේය.