විදුලිබල මණ්ඩල විධායක නොවන සේවකයන්ට ඇතිවී තිබෙන වැටුප් විෂමතා ගැටලු විසඳීමට කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය පෑමට අනිද්දා (04දා) රට පුරා සියලුම විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹට කැඳවන බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස සියලුම සේවකයන් එක්ව විදුලිබල මණ්ඩලයේ කොටුවේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බවත්, ඉන් පසුව අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
2015 විධායක ශ්‍රේණියේ ඉංජිනේරුවන්ට වැටුප් වැඩි කිරීමේදී 24,000කට අධික සේවකයන්ට ඇතිවූ වැටුප් විෂමතා ඉවත් නොකිරීම නිසා මෙම ගැටලු ඇති වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
සිදුකරන ක්‍රියාමාර්ග තුළ විදුලිය බිඳවැටුණහොත් එහි සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවද රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.