රිය අනතුරුවල ඉහළ අගයක්
පසුගිය වසරේ රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවත්, මේ නිසා මාර්ග නීතිය දැඩිව ක්රියාත්මක කරන ලෙසට පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදුන් බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.ගෙවීගිය වසරේ අපරාධ විසදීමේ ඉලක්කය 70% ක් බවත්, එය මේ වසරේදී 75% ක් බවට පත් කරන බවත් ඔහු පවසා සිටියේය.
පොලිස් මූලස්ථානයේ නව වසරේ රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (02දා) පැවැති උත්සවයකට සහභාගි වෙමින් මේ බව කී පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සෑම පොලිස් ස්ථානයකටම අපරාධ විසඳීමේ ඉලක්ක ලබා දී තිබෙන බවයි. පසුගිය වසරට ලබා දී තිබූ සියලුම ඉලක්ක සෑම පොලිස් ස්ථානයක් විසින්ම සම්පූර්ණ කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව පොලිස් ස්ථාන 600 ක් දක්වා පොලිස් සේවය පුළුල් කිරීමේ නව රජයේ වැඩපිළිවෙළට අනුව පසුගිය වසරේදී අලුතින් පොලිස් ස්ථාන 35 ක් ස්ථාපිත කළ බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.මීට අමතරව මේ වසරේ මුල් මාස කිහිපය තුළදී තවත් පොලිස් ස්ථාන 35 ක් ඇති කිරීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

