www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ සුවදුක් විමසීම සඳහා එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොරැල්ල මැගසින් බන්ධනාගාරයට අද (21දා) සවස පැමිණියහ.
එහිදී විමල් වීරවංශ මහතා සඳහන් කළේ පොසොන් පොහොය දිනයේදී උදය ගම්මන්පිල මහතාද,රාමසාන් උපවාස සමයේදී මොහොමඩ් මුසම්මිල් මහතාද අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් විසින් අනුගමනය නොකරන ලද ආකාරයේ ක්‍රෑර ලෙස කටයුතු කරමින් බවයි.
“බෞද්ධයෙකු වෙච්චි ගම්මන්පිල මහතා පොසොන් පෝය දවසේ අත්අඩංගුවට ගත්තා.ඉස්ලාම් බැතිමතෙකු වෙච්චි මුසම්මිල් හිටපු මන්ත්‍රීතුමා රාමසාන් උපවාස සමයේදී ගත්තා.අඩුම තරමේ මේ සංවේදී කාරණය නොසලකා පොලීසිය ලව්වා තමන්ට තියෙන දඩයම් කිරීමේ පිපාසාව සංසිඳුවා ගන්න මෙතරම් ක්‍රෑර ලෙස ක්‍රියාත්මක වෙන පාලකයන්ගේ යුගයක් මීට පෙර ක්‍රියාත්මක වෙලා නැහැ”යනුවෙන් හෙතෙම පවසා සිටියේය.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
කොත්මලේ සිදෙයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd