මහේලගේ කණ්ඩායමෙන් මාලිංග හැළෙයි
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම අතර ඊයේ (22දා) ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ පැවැති තරගයෙන් මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ ලසිත් මාලිංගට කණ්ඩායමේ ස්ථානය අහිමි විය. ඔහු වෙනුවට මිචෙල් ජොන්සන් ඊයේ පැවැති තරගයට ක්රීඩා කළේය. මෙවර තරගාවලියේදී ලසිත් මාලිංග ප්රතිවාදීන්ගේ දැඩි ප්රහාරයට ලක්වෙනු අයුරු දැකගත හැකිවෙයි.
කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම හා පසුගියදා පැවැති තරගයේදී මාලිංග දැඩි ප්රහාරයකට ලක්විය. එහිදී ඔහුගෙන් ලකුණු 58ක් ප්රතිවාදීන් උඳුරා ගත්තේය. මුම්බායි ඉන්දියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්රී ලංකාවේ මහේල ජයවර්ධන ක්රීිඩා කරයි.
මේ අතර දිල්ලි කණ්ඩායමට ක්රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ටද ඊයේ තරගයේදී කණ්ඩායමේ ස්ථානය අහිමිවිය. තරගය ජයගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. ඒ අනුව ප්රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

