මහ බැංකු බැදුම්කර වෙන්දේසි ජූලි 27දා පටන් අලුත් ක්‍රමයකට ආරම්භ කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසා සිටියේය. මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් වන නිර්ණායක ඇතුළත් කරමින් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය 26දා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව මෙතෙක් පැවැති ක්‍රමවේදය වෙනුවට රජයට අවශ්‍ය මුදල් උපයා ගැනීම වෙනුවෙන් වෙන්දේසි ක්‍රමවේදයක් අනුව යමින් මෙම බැඳුම්කර නිකුත් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් රජය විසින් ගෙන ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. එහිදී මහ බැංකුව, මෙම බැදුම්කර පිළිබඳව දැනුමක් ඇති විද්වතුන් මෙන්ම විදේශයන්ගෙන් ලැබුණු උපදෙස් යටතේ මේ බැඳුම්කර ගනුදෙනු නිකුත් කිරීමේ නව ක්‍රමවේදය සකසා ඇතැයිද අමාත්‍යවරයා පවසයි. එසේම විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාද මේ සඳහා සම්බන්ධ කරගත් බවත් මෙහිදී අනාවරණය කෙරිණි.
"මෙතෙක් තිබුණු වැඩපිළිවෙල තමයි හැකිතාක් ප්‍රමාණයක් මේ වෙන්දේසි හරහා ලබා ගත යුතුයි කියන දේ. ඒත් වුණේ ඒ හරහා හිමි වුණේ 10% ක 20% ප්‍රමාණයක් විතරයි. ඉතිරි සියයට 85 – 90% ලබා ගත්තේ පෞද්ගලික ප්ලේස්මන්ට් හරහා. ගැටලුව වුණේ මේවායේ විනිවිදභාවයක් නොතිබුණු එක. මේ තත්ත්වය ඇති කරගැනීමට තමයි අපි මේ විදියට වෙන්දේසි ක්‍රමයකට යන්නේ." අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක කෙරෙන මෙම නව බැඳුම්කර වෙන්දේසි ක්‍රමවේදය යටතේ රජයට අරමුදල් අවශ්‍ය වූ විට මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම වෙනුවට සෑම මාසයක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් සිදු කිරිමට රජය තීරණය කර ඇත. එහිදී මාසයේ 15 වැනිදා එය නිකුත් කිරීම සැලසුම වී තිබේ. එසේම මෙතෙක් එක් එක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද කාණ්ඩ සම්බන්ධයෙන් නොපැවැති සීමා කිරීම් ඉදිරියේදී එකතු කරන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
"දැනට වසර 5,10,20, 30 විදියට විවිධ කාණ්ඩවල බැදුම්කර ඉදිරිපත් කරන්න පුළුවන්. මේ හේතුවෙන් මේවායේ ද්‍රවශීලතාව පිළිබඳව ගැටලු පවතිනවා. මොකද අපේ බැඳුම්කර වෙළෙඳ පොළ තවමත් සංවර්ධනය වෙමින් පවතින්නක්. ඒ නිසා අපි අද ඉඳන් මේ භාණ්ඩාකාර බැඳුම්කර කාණ්ඩ දෙකක් පමණක් නිකුත් කිරීමට කටයුතු කරනවා."
මෙහිදී භාණ්ඩාගර බැඳුම්කර වෙන්දේසි කිරීම සඳහා අදියර තුනක්ද හඳුන්වාදී ඇති අතර, ඒවා තරගකාරී වෙන්දේසි ක්‍රමය, තරගකාරී නොවන සහ අනිවාර්ය පැවරීම් යනාදී ලෙස නම් කර ඇත.
"මේ පළමුවැනි තරගකාරී වෙන්දේසි ක්‍රමය එහෙමත් නැත්නම් බහුවිධ මිල ගණන් යටතේ ලංසු ඉදිරිපත් කිරීම තමයි දැන් තියෙන්නේ. මේ සඳහා ලංසු ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රාථමික ගැනුම්කරුවන්ට සහ අර්ථසාධක අරමුදලට පමණයි. මින් තමයි පොලී අනුපාත තීරණය වන්නේ. එතැනදී අපි උත්සාහ කරනවා අවශ්‍ය සම්පූර්ණ අරමුදලම ඉන් ලබා ගන්න. හැබැයිප්රාථමික ගැනුම්කරුවන් යම් විදියකට පොළී අනුපාත ඉහළ දැමීමට උත්සාහ දරනවා නම්වැළැක්වීමට සහ පළමු අදියරෙන් සම්පූර්ණ උපයා ගැනීම සිදු කර ගැනීමට නොහැකි වූවානම්තමයි අපි දෙවැනි තරගකාරී නොවන වෙන්දේසිය ඉදිරිපත් කරන්නේ.එතැනදී පොලී අනුපාතයක් තීරණය වන්නේ නෑ. ඒ කියන්නේ පළමු අදියරේදී තීරණය කෙරුණු බරිත සාමාන්‍ය ඵලදායිතා අනුපාතය යටතේ මෙය සිදු වෙනවා. මේ අදියරෙනුත් අපිට සම්පූර්ණ මුදල උපයා ගැනීමට නොහැකි වුණොත් තමයි අනිවාර්යය පැවරීම කියන ක්‍රමය හඳුන්වා දෙන්නේ. අපි මෙතැනදී රෙගුලාසියක් දාලා තියෙනවා තුන් වැනි අදියරට යන්නේ පළමු අදියරෙන් අවම වශයෙන් 60% ක් වෙළෙඳ පොළෙන් ලබා ගත්තොත් පමණයි කියලා."
මෙම නව ක්‍රමය හඳන්වාදීම මගින් රජයට ලැබෙන ප්‍රධානම වාසිය වන්නේ පොලී අනුපාතය යම් කිසි ක්‍රමයකට කළමනාකරණය කරගැනීමේ හැකියාව ලැබෙන යාන්ත්‍රණයක් බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.