සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය සඳා තමන් විසින් ගන්නා ලද ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් අපොහොසත්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. "මම ගත් ඇතැම් තීන්දු තීරණ මෙතෙක් ක්‍රියාත්මක නෑ.සෞඛ්‍ය තීන්දු කඩිනමික් ක්‍රියාත්මක කළ යුතුයි"
මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පත්කර ඇත. ඒ හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සිය ධුරයෙන් ඉවත්ව ඇති හෙයිනි.