රටට පණදෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි - විමල්
පසුගිය පාලන සමයේ දී රටේ ආර්ථිකයට ‘බිම්බෝම්බ’ ගණනාවක් සවිකර ඇති බවත් හොර රහසේ අත්සන් කර ඇති එම්සීසී ගිවිසුම් 02, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමේ එකඟතාව, මත්තල ගුවන්තොටුපොළ විකුණා දැමීමේ ගිවිසුම ආදිය එවැනි‘බිම්බෝම්බ’කිහිපයක් බවත් ඒවා නිෂ්ක්‍රීය කළ හැකි බලකායක් අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවට පත් කර යැවීමට රටට ආදරය කරන සියලූ ජනබලවේග කටයුතු කළයුතු බවත්ජානිපෙ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඊයේ (30) පැවති මැතිවරණ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා වසංගතය හමුවේ ලොව බලවතුන් වූ ඇමරිකාව ප්රමුඛ රටවල් අසමත් වනවිට ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දුන් බවත් ආසාදිතයන් අතරින් මියගිය සංඛ්‍යාව 0.05%ක ප්‍රතිශතයක් බවත්මෙය ලෝක වාර්තාවක් වුවත් ලොව ප්‍රබල මාධ්‍යයන් මේ බව සඟවා ඇති බවත් විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බුද්ධි අංශ මනාව කළමනාකරණය කරගනිමින් මෙරට කොරෝනා මර්දනයට විශිෂ්ට නායකත්වයක් දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ ඉහත කී‘බිම් බෝම්බ’නිෂ්ක්‍රීය කිරීමේ අභියෝගය ඇති බවත් එය එතුමන්ට තනිව කළ නොහැක්කක් බවත් මෙහිදී විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
ඉහත කී‘බිම් බෝම්බ’ජාත්‍යන්තර එකඟතා ගිවිසුම් අවලංගු කිරිමට මෙරට පාර්ලිමේන්තුවට හැකි බවත් ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තියක් වන රටට පණදෙන ජාතිකවාදී මනසකින් යුතු පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවත් විමල් වීරවංශ මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
rocky Wednesday, 01 July 2020 07:06 PM
ratata panadenna kathaa karana un komis gahilla newa karanne
Reply : 0 0
Don Wednesday, 01 July 2020 09:18 PM
Are they like Karuna Amman ?? who has got a pure terrorist brain ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
