චීන ජාතිකයා චීනයටම පිටුවහල් කරයි - චීනයෙනුත් ආරක්ෂක නිලධාරීන් කටුනායකට
අප්‍රිකාවේ ගිනි රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ චීන ජාතිකයා , විෂය භාර අමාත්‍යවරයාගේ නියෝගය මත 06/08 දින සවස චීනය බලා පිටුවහල් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මෙම චීන ජාතිකයා 06/08 දින සවස 05.35 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයෙන් එසේ පිටුවහල් කර තිබේ .
ඔහු තමන් පැමිණි ඩුබායි වෙත තමා පමණක් ගමන් ගන්නා ගුවන් යානයකින් යළි ආපසු යවන ලෙස ඉල්ලීමක් කර තිබුණි .
මෙම චීන ජාතිකයා 06/08 දින සවස දෙඅතට මාංචු දමා , ඒවා පිටතට නොපෙනෙන සේ සකස් කර අව් කණ්නාඩියක් පළදා රෝද පුටුවක හිදුවා එය තල්ලු කර ගෙන ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම ගුවන් යානය වෙත පැමිණ තිබුණි .
මොහු ගුවන් යානය වෙත පිවිසෙන තෙක් , තම ගමනාන්තය කුමක් දැයි නොදැන සිට තිබේ. මෙම ගුවන් යානයට පිවිසීමෙන් අනතුරුව " දැන් අව් කණ්නාඩිය ගලවමු" යැයි ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීවරයෙකු විසින් යෝජනා කිරීමෙන් පසු , එය ගලවා ඉවත් කර තිබේ .
එවිට ඔහුට පැහැදිලි දසුන් පෙනෙන්නට පටන් ගෙන ඇති අතර , ඒ වනවිටත් මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීම සදහා චීනයේ සිට වෙස්වළා ගෙන පැමිණ සිටි චීන ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මෙම ගුවන් යානය තුළ අසුන් ගෙන සිටින්නට විය.
ඒ අතර සිටි එක් චීන ජාතික ආරක්ෂක නිලධාරීවරියක් , මෙම චීන ජාතිකයා අසළට පැමිණ චීන බසින් " සුභ සන්ධ්‍යාවක් " යැයි පවසනවාත් සමග මොහු එතෙක් ඔහු අසුන් ගෙන සිටි රෝද පුටුවෙන් නැගී සිටින්නට උත්සාහ කරමින් කළබළ කරන්නට වූයේ තමන් චීනය රැගෙන යන බව වැටහීමත් සමගය .
එහෙත් ඒ වනවිටත් ඔහු වටා චීන සහ ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් මෙන්ම ගුවන් යානා කාර්යය මණ්ඩලය ද රැස් වී සිටි අතර , ඔවුන් මොහු පාලනය කර ගෙන තිබුණි .
මෙම චීන ජාතිකයා තවත් චීන සහ ඊජිප්තු ජාතිකයෙකු සමග ඉකුත් 05/18 දින ඩුබායි සිට මෙරටට පැමිණ තිබූ අතර පුත්තලම දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයෙකු මොහු " ආයෝජකයෙකු " බව සදහන් කරමින් ලිපියක් මගින් මොහු රට තුළට පිවිසීම සදහා නිදහස් කරන ලෙස ඉල්ලා ආගමන විගමන පාළකවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.
popular news
- 
                            
Kumar Friday, 09 June 2023 01:31 AM
lankawe wagey novey cheenaye may chudithyata maraneeya danduwama labeyi. hakinam may kudumudaligey sahayata pamini deshapaluwagey nama americawey DEA ekata nirnamicawa danwanne.
Reply : 0 0
මුදිත Friday, 09 June 2023 03:19 AM
අර ලිපිය ලියපු ඇමතිවරයාට විරුද්ධව මොකුත් කරන්නේ නැද්ද ?
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                