පියා බේරා දෙන්නයි තරුණ ඔලිම්පික් ශූරිය ඉල්ලයි
ධීවර රැකියාවට ගොස් අන්දමන්දන් දුපතේ මේ වන විට සිරගතව ඇති තම පියා නිදහස් කර දෙන්නැයි ඔලිම්පික් පදක්කම් ලාභි ක්‍රීඩිකාවක වන පාරමි වසන්ති දැරිය බළධාරින්ගෙන් ඉල්ලයි.
2018 වසරේ යෞවුන් ඔලිම්පික් උළේලදි මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලාංකික පාරමි වසන්ති දිනා ගත්තේ දැඩි දුෂ්කරතා මැදය.
වෘත්තියෙන් ධීවරයකු වන පාරමිගේ පියාවන අන්තෝනි ටියුඩර් මහතා පසුගිය ජනවාරි 6 දින ඉනුක්ෂී 10 බහුදින යාත්‍රාවෙන් ත්‍රිකුණාමලය වරායෙන් ධිවර රැකියාවට ගොස් සිටියදී ජනවාරි 28 දින ඉන්දියන් වෙරළ ආරක්ෂකයින්ගේ අත් අඩංගුවට පත්වි ඇතිබව කියයි.
පාරමිගේ පියා සමග මේ වන විට ඉන්දියන් වෙරළ ආරක්ෂකයින්ගේ අත් අඩංගුවට පත්ව ඇත්තේ අදාල යාත්‍රාවේ ක්‍රියාකරු ඇතුළු හය දෙනෙකු බව කියයි.
එම ධීවර පිරිස හලාවත අඹකදවිල සහ තොඩුවාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි. පාරමී වසන්තිගේ පියා අඹකදවිල ප්‍රදේශයේ පදිංචි අයෙකි.
පාරමී වසන්ති කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යායාලයේ ඉගනුම ලබන අතර ඇය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                