පුවත නිවරැදි නොකලහොත් නඩු මගට පිවිසෙනවා
අනුරාධපුර බන්ධනාගාරයේදී රාජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු පිරිසකගේ හැසිරීම පිළිබඳ සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුශ්පිකා ද සිල්වා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
ලබන වසරේ මුල අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ රැජිණ තරගාවලියට සූදානම් වන බැවින් දේශපාලන කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වී සිටින බවත් රෝසි සේනානායක මහත්මියට පසු ශ්‍රී ලංකාවට විවාහක රූ රැජිණ කිරුළ නැවත ගෙන ඒම තම අරමුණ බවත් ඇය සඳහන් කර සිටියි.
අදාල සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම පුවත විකාශය කල අදාල නාලිකාවේ සියලුම පුවත් හරහා තමා නිවරැදි බව සඳහනක් නොකරොත් අදාල නාලිකාවට එරෙහිව නඩු මගට යොමු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
popular news
-
rocky Thursday, 16 September 2021 06:32 PM
Adaala naalikaawa amanak noveyi. Thawath wagakivayuthu udgalayekuth e kathaawa ehemama kiyala thiyanawa neda?
Reply : 0 0
Deepal Nirosh Friday, 17 September 2021 07:54 AM
අන්න නියම වැඩේ, නඩුවක් ගොනු කළොත් හාමුදුරුවො ගාව තිබෙන නඩුත් බඩුත් අනිවාර්යයෙන් එළියට එනවා.
Reply : 0 0
nadun Saturday, 18 September 2021 06:29 AM
එයාට කරන්න හොඳයි අපිට කියන්න බැහැ . නැවත කිසිඳු තරග යකට යන්නට දෙන්න හොඳ නැහැ , කරලා තියන වැඩෙ නිසා
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

