හේමා ප්‍රේමදාස නිල නිවස යළි භාරදෙන්න තීරණය කරයි
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මව වන හේමා ප්‍රේමදාස මහත්මියට රජයෙන් හිමිව තිබෙන නිල නිවස යළි රජයට භාරදීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
Talk with Sudaththa යූ ටියුබ් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“මගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ.
ඒක ලැබෙන්නන් වාලේ ලැබිතා තියෙනවා. ඒක ඔහේ තියෙනවා. මගේ මව ඉන්නේ පෞද්ගලික නිවසක. මගේ මවට ලැබෙනවා මගේ පියාගේ විශ්‍රාම වැටුප මම ඇත්තටම කියන්න කැමතියි මම ඒක සාධාරණීකරණය කරනවා. එහි වරදක් දකින්නේ නෑ.
මගේ මවට ආරක්ෂාව ලැබෙනවා. මගේ මව දැන් වයෝවෘධයි. මම හිතන්නේ නෑ එතුමිය වැරදි ලෙස ඒ ප්රතිලාභ භාවිත කර දේශපාලන කටයුතු කරන්නේ නෑ. මගේ තාත්තා කරපු කැපවීම් මගේ මවට ලැබෙන වරප්‍රසාද භුක්ති විදීම ගැටලුවක් නෙමෙයි. එතුමියගේම අදහස් අනුව නිල නිවස භාර දෙන්න යනවා.”
popular news
-
Demuni Uduwara Sunday, 26 March 2023 11:26 PM
We vehemently request other four ex- President's to follow suit !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

