පේරා සිසුවෙකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කරයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාථන මන්දිරය ඉදිරිපිටදි පැවති සිසු උද්ඝෝෂණයකදී විද්‍යාල ශිෂ්‍යයන්ට නොගැලපෙන වචන භාවිතා කරමින් පරුෂ වචන සහ පහත් අන්දමේ ප්‍රකාශ සිදුකරමින් සනාතන මන්දිරයේ රාජකාරි කටයුතු වලට බාධා පමුණුවමින් විශ්ව විද්‍යාල බලධාරීන්ට අපහාස කළ බව කියන සිසුවෙකුගේ ශිෂ්‍යභාවය තහනම් කිරීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ .
2022 සැප්තැම්බර් මස 28 වැනි දින පැවැත්වූ සිසු උද්ඝෝෂණයකදී සිසුන් කිහිපදෙනෙකු විශ්ව විද්‍යාලයේ සිසුන්ට නොගැලපෙන ආකාරයට හැසිරී ඇත . මෙම හැසිරීම නිසා සනාතන මන්දිරයේ රාජකාරි කටයුතු වලට බාධා සිදු වී ඇත . මෙහිදී විශ්වවිද්‍යාල බලධාරීන් ගැන අසභ්‍ය පරුෂ හා පහත් අන්දමේ ප්‍රකාශ සිදු කර ඇත . එමගින් විශ්ව විද්‍යාලයේ සහ බහුතරයක් සිසුන්ගේ කීර්ති නාමයට කැළලක් සිදුවී ඇත .
මෙම ක්‍රියාවට සම්බන්ධ ශිෂ්‍ය සම සෞඛ්‍ය වසෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සභාපති වන අතර ඔහුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇත මෙම සිද්ධිය ගැන පූර්ණ පරීක්ෂණයක් අවසන් කරන තෙක් ශිෂ්‍යභාවය තහනම් කිරීම ක්‍රියාත්මක වන අතර අදාළ ශිෂ්‍යයාට විශ්වවිද්‍යාල භූමියෙන් වහාම පිටවන ලෙස දන්වා ඇත .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය හෙළා දකින අතර බහුතර ශිෂ්‍ය නායකයන්ගේ සහ අනෙකුත් ශිෂ්‍යයන්ගේ සාමකාමී ගරු කටයුතු සහ මානුෂීය හැසිරීම විශ්ව විශ්වවිද්‍යාලය අගය කරමු .
popular news
-
Samson de silva Saturday, 01 October 2022 02:28 AM
Aanduwe mardanaya university ekatath giyaa ehenam. Upa kulapathita honda thaanna maanna lebewi. Ehema wunaata kollo kello satana atha harinna epaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

