පළාත් 7කට ඉදිරි දින කීපයේදීත් තද වැසි
ඉදිරි දින කිහිපය තුළදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම ප්‍ර‘දේශවල පැයට කිලෝමීටර් 70 - 80ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට කුඹුරු, තේ වතු, ක්‍රීඩාපිටි හා ජලාශ වැනි ස්ථාන, එළිමහන් ප්‍ර‘දේශ හෝ ගස්යට රැඳී නොසිට ආරක්ෂිත පියවරක් අනුගමනය කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීමෙන් වැළකී සිට ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ආරක්ෂිත ගොඩනැගිල්ලක හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත්, රැහැන් සහිත දුරකථන හෝ විදුලි උපකරණ විදුලියට සම්බන්ධ කිරීමෙන් වැළකී සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මෙම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

