අලුත් වූ පැරණි සගයා
යුක්රේනයේ නිශ්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් ගුවන් යානා තුනක් යුක්රේනයේ අලුත් වැඩියා කිරීමෙන් පසුව නැවතත් ඊයේ (11දා) ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ගුවන් යානා අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් 2020 අගෝස්තු මස යුක්රේනය වෙත ගෙන යන ලදී.
මෙම ගුවන් යානා 1995 වසරේ නිෂ්පාදිත අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සක්‍රීය මට්ටමේ පවතින විශාලම ගුවන් යානා වන්නේද මෙම අලුත් වැඩියා කරන ලද ගුවන් යානා තුනයි.
මෙම ගුවන් යානා මානුෂීය මෙහෙයුම් සමයේදී විශාල කාර්යයක් ඉටු කළත් 2014 වසරෙන් පසුව සක්‍රීය මට්ටමේ නොතිබුණි.
මෙම ගුවන් යානා ත්‍රිත්තවය සක්‍රීය වීමත් සමග ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් බලය සියයට 75කින් පමණ ඉහළ නැංවෙයි.
ඇන්ටනෝව් 32 ගුවන් යානා භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයට අමතරව පැරෂුට් භටයන් පුහුණු කිරීම ඇතුළු යුධ අභ්‍යාස සඳහාද යොදා ගනු ලබන අතර දේශීය ප්‍රවාහන කටයුතු මෙන්ම අවශ්‍යතාවන් මත විදේශ රටවල් වෙත පියාසර කිරීමේ හැකියාව පවතී.
මෙම ගුවන් යනාවලට අමතරව ඇන්ටනෝව් 32 ගුවන් යානයක් හා සී 130 වර්ගයේ ගුවන් යානා දෙකක්ද නැවත සක්‍රීය මට්ටමට ගෙන ඒමේ මූලික කටයුතු අවසන් කර තිබේ.








ඡායාරූප නිමල් සිරි එදිරිසූරිය
popular news
-
matara api Sunday, 13 June 2021 12:11 PM
athyavashya vadak meva bohoma abalanvela thibuna anathru siduvi jivithath ahimi una melesama ground karala thiyena praharaka yanath aluth vadiya kara ape guvan hamudava navatha sakriya kalayuthuya
Reply : 0 0
maligavaththe api Monday, 14 June 2021 02:55 PM
tinkarin basge vadanam hari naha vage paludu penenava panchkavaththata dunna nam aluthma ekak bavata pathkaranava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

