ජනපති ගත් හොඳම තිරණය
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පවසයි.
උතුරු පළාතේ ආගමික සහජීවනය ඇති කිරීම මුල්කර ගනිමින් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරධූරය භාර ගැනීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින් අද (16) දින හමුවීමක් සිදුවිය.
පළමුව උතුරු ආණ්ඩුකාරවරයා යාපනය අගරදගුරුතුමන් හමු වූ අතර එහිදී උතුරු පළාතේ අහිංසක දුප්පත් ජනතාවගේ ප්‍රශ්න ගැටලූ පිලිබඳවද අගරදගුරුතුමන් විසින් ආණ්ඩුකාරතුමන් දැනුවත් කළ අතර හැකි ඉක්මනින් ඒ පිළිබඳව විසඳුම් වලට පැමිණෙන බව ප්‍රකාශ කළේය.
පසුව නල්ලුර් කෝවිල සහ නාගභූෂණී අම්පාල් යන කෝවිල් වෙත ගිය ආණ්ඩුකාරතුමා එම කෝවිල්වල විශේෂ පූජාවන්ද පවත්වා ආශිර්වාද ලබා ගත්තේය.
ඉන්පසුව ආණ්ඩුකාරතුමන් නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි සහ නාගදීපයේ විහාරාධිපති පූජ්‍ය නමදගල පත්මකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට ගිය අතර ස්වාමීන් වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් කළ අතර එතුමන් පළාතේ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදී.
එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය උවදුර උතුරු පළාතෙන් තුරන් කිරීමට තමන් වහන්සේ සහ නාගදීප විහාරයේ විහාරාධීපතීන් වහන්සේ මෙන්ම පළාතේ සර්ව ආගමික නායකයින් සමඟ විශේෂ වැඩපිළිවෙලක් සිදුකරන බවත් ඒ සඳහා ආණ්ඩුකාරතුමන්ගේ ශක්තිය සහ ආශිර්වාදය බලාපොරොත්තුවන බවත්ය.
එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පැවසුවේ ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට තමන් ඇප කැප වී කටයුතු කරන බවත් ආගමික නායකයින්ගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වන බවත් ය.

popular news
-
Champa Thursday, 17 January 2019 02:29 AM
හොඳම? රඝවාන් කිව්ව මේ කතාව හාමුදුරවෝ දන්නේ නැතුව ඇති. සිංහල කෑල්ල හොයා ගන්න බැරි වුන. Quote: 1. Newly appointed NP Governor Dr. Suren Raghavan said Buddhisisation in the North and East with political motives should be stopped." "2.“A true Buddhist will never want to expand anything or to cut a chain in anything. Denouncing and renouncing is fundamental to Buddhism. So, Buddhisization in Tamil areas needs to be stopped if it is carried out with a political motive." "3.He was also of the view that Sri Lanka should think and entertain a Tamil to be a leader of the entire State because they are also equal citizens." "4.My dreams are to see a democratically elected leader from the minority community who would be accepted by the South." පැහැදිලිවම සිරිසේන ජනාධිපතිට ඕනේ වෙලා තියෙනව ඊළඟ ජනාධිපතිවරයාට ලැබෙන දෙමල චන්ද කඩන්න. ඒකියන්නේ ඊළඟ ජනාධිපතිවරනෙට දෙමල අපේක්ෂකයෙක් දාන්න. මේවා ඇහැව්වහම මට හිතෙන්නේ එහෙම. පත්වීම ලැබිල දවස් දෙකෙන් මුළු රටම පාලනය කරන සුළු ජාතික නායකයක් ගැන හීන දකින්නේ කොහොමද
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
