හිටපු මහඇමති විග්නේශ්වරන් නව උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ඊයේ (16) සවස හමු විය.
නව ආණ්ඩුකාරවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව සුබ පැතීම සඳහා හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙසේ හමු විය.
එම හමුවේදී උතුරේ දෙමළ ජනතාවගේ සංවර්ධනය හා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම රජයේ සම්බන්ධීකරණයෙන් විසඳුම් ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දෙපාර්ශවය සාකච්ඡා කොට ඇත.
මීට අමතරව උතුරේ පවතින වත්මන් දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන්ද හිටපු මහඇමති විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක් පැවතුණි.


popular news
-
Bandula. Friday, 18 January 2019 11:56 AM
වේනම් රජයක් ෆිටුවමුද කියල අහන්නද දන්නේ නැහැ, නරකද එයට එයාගේ වැඩේ කරන්න දීල පැත්තකට වෙලා හිටියනම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

