යාපනයේ ක්රියාත්මක වන ආවා කල්ලිය සහ කැනී කල්ලිය අතර අද (24දා) චුන්නාකම් ප්රදේශයේදී වාහනද බාවිතා කරමින් සිදු වූ ගැටුමකින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි යාපනය පොලීසිය පවසයි.
යාපනය කංකසන්තුරෙයි මාර්ගයේ චුන්නාකම් මංසන්ධිය ප්රදේශයේදී අදාල කල්ලි දෙකේ සාමාජිකයින් කාර් රථයකින් සහ කැබ් රථයකින් මුහුණට මුහුණ ගැටී ඇති අතර වාහන දෙක ගැටීමෙන් අනතුරුව එහි සිටි සාමාජිකයින් තියුණු ආයුධ අතැතිව පහරදීගෙන මාර්ගයේ ගමන්ගත් ජනතාවටද තියුණු ආයුධවලින් පහරදී පලා ගොස් ඇතැයි වාර්ථා වෙයි.
අදාල ගැටුමෙන් කාර් රථයකට සහ කැබ් රථයකට මෙන්ම යතුරුපැදියකටද බරපතල හානි සිදුව ඇත.
වාහන දෙක මුහුණට මුහුණ ගැටීමෙන් සහ තියුණු ආයුධ වලින් පහරදී ගැනීම හේතුවෙන් දෙපාර්සවයේ සාමාජිකයින් සහ මාර්ගයේ ගමන්ගත් මගීන්ද ඇතුලුව සිව් දෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවට පොලීසිය පැවසීය.
ගැටුම ඇති වී ඇති පිරිස් ආවා කල්ලියේ සහ කැනී කල්ලියේ සාමාජිකයින් බවට සැකපල කරන අතරම දෙපාර්සවය අතර වූ ආරවුලක් මත මෙලෙස ගැටී ඇතැයිද පොලීසිය පවසයි.
මේ අතර අදාල ගැටුම අද දහවල් කාලයේ සිදුවූ බැවින් දමිළ සිනමා පටයක් සේ දෙපිරිස අතර වාහන සහ තියුණු ආයුධ සමගින් ගැටුම් ඇතිකරගත් බවටද එය දැඩි භීතියක් ගෙනදුන් සිදුවීමක් බවද ප්රදේශවාසීන් පවසති.
මේවනවිට රෝහල්ගත කොට ඇති සිව් දෙනා පොලිස් භාරයට ගෙන ප්රකාශ ලබාගන්නා අතරම ගැටුම ඇතිකරගත් සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

