පාස්කු කොමිෂම ගැන මම යමක් කියන්නම් - මෛත්රී
පාස්කු කොමිෂම ගැන තමන්ට යමක් පැවැසීමට ඇති බවත් එය නිසි වේලාවට පවසන බවත් හිටපු ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්රික් සමුළුව පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැල්මඩුල්ලේදී පැවැති අවස්ථාවේදී ඔහු මෙම අදහස් දැක්වීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා,
"මට බනින එක නෙමෙයි කරන්න ඕන. ඔබතුමාල එකතුවෙලා මට සල්ලි ටිකක් තෑගි ටිකක් දෙන්න දෙන්න ඕන තනියෙන් ආණ්ඩුවක් ගෙනිච්චට මේ වගේ හිඟමනට වැටෙන්නේ නැතිව.
මෙහෙම කන්න ප්රශ්න ඇවිල්ලා, ගෑස් ප්රශ්න ඇවිල්ලා, තෙල් ප්රශ්නයි, පොහොර ප්රශ්නයි මේවා රටේ මිනිස්සු හැදුව ප්රශ්න නෙමෙයි. මේවා ඔක්කොම ආණ්ඩුව හදා ගත්ත ප්රශ්න.
ඒවා ගැන අපි කථා කරපුවාම කෝප වෙනවා. මේ කොහෙවත් යන පාස්කු බෝම්බයක් පුපුරලා ඒක මගේ ඇඟේ දාන්න හැදුවට මම ජනපති කාලේ කොමිෂන් සභා පහක් පත්කළා.
හැබැයි වංචා හා දූෂණ ගැන මම පත්කරපු කොමිෂන් හතර ගැන එක්කෙනෙක්වත් කථා කරන්නේ නෑ. ඒ ඔක්කොම කොමිෂන් හමස් පෙට්ටියේ.
මාව හිරේ දාන්න ඕන කට්ටියක් තමයි මේ පාස්කු කොමිෂම ගැන කථා කරන්නේ. පාස්කු කොමිෂම ගැනත් මට යම්කිසි දවසක කියන්න අවස්ථාව එයි මම එදාට කියන්නම් ඒ ගැන"
popular news
-
samson de silva Wednesday, 12 January 2022 06:06 AM
Dennam wede hariyaagena ena bawa penenawaa. Cardinal thuma, Meyaawa thawa tikak fire karalaa gaththoth sure ekatama kiyaawi kawuda palliwalata bomba geheema sanwidaanaya keruwe kiyalaa. Salli tikak soodaanam karagena imu theggak denna.
Reply : 0 0
K. Ranaweera Wednesday, 12 January 2022 12:50 PM
It seems that former president Mr. Sirisena is well aware of the Easter Sunday carnage. So he must have the duty as a prominent person of the country come out and divulge and reveal the facts that he knows. It is a bounden duty.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

