ශ්‍රී ලංකා නිෂ්පාදන චීනයට අපනයනය කිරීම, ඊ-වාණිජ්‍යය, මාර්ගගත ගෙවීම්, ආයෝජන සහ ද්විපාර්ශ්වික වෙළඳ පහසුකම් සැපයීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර පුළුල් සාකච්ඡාවක් පැවැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හා පැවැති සාකච්ඡායකදී මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ,
ඊයේ සවස වෙළඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවට වෙළඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන චීන තානාපති කාර්යාලයෙ වාණිජ උපදේශක යැං සූඕආන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

