පුත්තලම සිට කුරුණෑගල දක්වා ගමන් ගනිමන් තිබු බස් රථයක සිටි කාන්තාවක් හදිසියෙ හදිසි හෘද්‍යාබාධයකට ලක්වි අසාධ්‍යව තත්වයෙන් සිටියදී වහාම මැදිහත් වු යුධ හමුදා නිළධාරියකු එම කාන්තාවට කඩිනම්ව බස් රථය තුලදිම අදාල පළමු ප්‍රථමාධාර ලබා දී වහාම ආණමඩුව රෝහලට ඇතුලත් කර ජීවිතය බේරා ගැනිමේ සිදුවිමක් ආණමඩුව රෝහලින් වාර්තා වෙයි.
මෙසේ හදිසි හෘදයාධයකට ලක්වි ඇත්තේ කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ඉඩම් අංශයෙ නිළධාරිනියක් බව කියයි.
ඇය පසුගිය 24 දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ පැවති සැසියකට සහභාගී වි ආපසු නිවෙස බලා ලංගම බස් රථයෙ ගමන් කරමින් සිටියදී කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී දරුණු හෘද්යබාධයකට එකවර ලක්වී කෙදිරි ගාමින් දැඩි වේදනාවෙන් පසුව ඇති බව කියයි.
ඒ මොහොතේ බස් රථයෙ පුත්තලමේ රාජ්‍ය හා පුද්ගලික ආයතන සේවය කර ආපසු නිවෙස් බලා ගමන් කරමින් සිටි 60 කට ආසන්න පිරිසක් සිට ඇති බව පැවසෙයි.
නමුත් ඒ පිරිසෙන් බහුතරයක් අදාල ඉඩම් අංශ නිළධාරියට අසාධ්‍ය බව පවසමින් සිටියද ඒ වෙනුවෙන් ඉදිරිපත් ව ප්‍රථිකාර ලබා දීමක් හෝ වෙනත් කටයුත්තක් සිදුව නැති බව කියයි.
කෙසේ නමුත් මෙම සිදුවිම දුටු එම බස් රථයෙ ගමන් කරමින් සිටි යුධ හමුදා නිළධාරියා බස් රථයෙ ගමන් කල පුද්ගලික රෝහල් සේවිකාවක් කැදවා හෘද්යාබාධයකදි කල යුතු පලමු ප්‍රථමාධාර ලබා දෙමින් ඇගේ ජීවිතය බේරා ගැනිමට දැඩි වෙහෙසක් ගත් බව බස් රථයෙ ගමන් කල මගීන් පවසයි.
ඒ වන විටත් දරුණු හෘද්‍යාබාධයකට ලක්ව සිටි කාන්තාවට යුධ හමුදා නිළධාරියා පලමු ප්‍රථමාධාරය ලබා දීම සිදුකර 1990 හදිසි ගිලන් රථ සේවාව ලබා ගැනිමට ද මහත් උත්සහක් ගෙන තිබු බව කියයි.
නමුත් 1990 හදිසි ගිලන් රථ සේවාව පැමිණීම ප්‍රමාද වන බව දැන ගත් මෙම නිළධාරියා තම මිතුරේකුට කඩිනමින් අමතා ඔහුගේ වාහනය රැගෙන විත් කොට්ටුකච්චිය ආසන්නයෙදී එම වාහනයට බස් රථයෙ අසාධ්‍යව සිටි මෙම ඉඩම් අංශ නිළධාරියව දමා ගෙන ආණමඩුව රෝහලට ක්ෂණිකය රැගෙන ගොස් ඇත්තේ බස් රථයෙ ගමන් කල පිරිස පවා මවිත කරමින් බව එහි ගමන් ගත් මගීන් පවසයි.
ආණමඩුව රෝහලට ඇතුළත් කරන විටත් මෙම කාන්තාව දරුණු හෘද්යබාධ තත්වයකට ලක්වෙමින් සිට ඇති බවත් යම් හෙයකින් තවත් විනාඩි 20 ක් ප්‍රමාද වුවා නම් මෙම කාන්තාවගෙ ජීවිතය අහිමි විමට හෝ සදාකාලික රෝගී තත්වයට පත්විමේ දරුණු අවධානමකට ලක්විමට ඉඩ තිබු බව වෛද්‍යවරු පවසයි.
අදාල ඉඩම් අංශ නිළධාරියගේ කිසිවකු නොසිටිම හේතුවෙන් මෙම යුධ හමුදා නිළධාරියා අදාල කාන්තාවගෙ සැමියා වාරියපොල සිට ආණමඩුව රෝහලට පැමිණේන තෙක් රැදි සිට ඔහු පැමිනි පසු රෝගීයා භාර දී ගිය බවද රෝහල් ප්‍රකාශකයකු පවසයි.
කෙසේ වෙතත් මෙම සිදුවිම් මලාව වන විට බස් රථයෙ ගමන් කල බෝහෝ පිරිසක් නිහඩව සිටියදී යුධ හමුදා නිළධාරියා මැදිහත් වී ඇයගේ ජීවිතය බේරා ගැනිම ප්‍රශංසනීය බව මෙම සිද්ධිය දුටු පිරිස් පවසති.
සොයා බැලිමේදි දැනගන්නට ලැබුණේ අදාල යුධ හමුදා නිළධාරියා මේජ්ර් සුගත් රාජකරුණා නැමති අයකු බවයි.ඔහු ආණමඩුව සුරක්කුලම පදිංචි කරුවකු වන අතර 4 වන ශ්‍රී ලංකා පාබල රේජීමේන්තුවේ සේවය කර මේ වන විට පුත්තලම යුධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයෙ මාණ්ඩලික නිළධාරියා බවද තහවුරු විය.
