අවුරුදු දෙකේ සිගිත්තිය සමග කෝච්චියට පනින්න ගිය දෙදරු පියා සිරුරට ගිනි ඇවිලි මියයි
සැක කටයුතු අන්දමින් සිරුරට ගිනි ඇවිලී දෙදරු පියෙකු අද (07) අළුයම මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කළුතර කටුකුරුන්ද කුරේ මාවතේ පදිංචිව සිටී මොහොමඩ් තව්ෆික් මොහොමඩ් සෆ්රාස් නැමැති 43 හැවිරිදි දෙදරු පියෙකි .
අද අළුයම 2 ට පමණ ගිනිගැනිම සිදුව ඇති බවත් 1990 සුව සැරියෙන් කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය කීය.
අඹුසැමි යුවල අතර කලක පටන් පවුල් ආරවුලක් පැවත ඇති බවත් පෙර දින සිය බිරිඳ සමග ගැටුමක් සිදුව ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා මාසයක පමණ කාලයක් වෙන්ව සිට ඇති බවත් පෙරදින නිවසට පැමිණ තමා සමග ආරවුලක් ඇතිකර ගෙන අවුරුදු දෙකක් වයසැති දියණිය වඩාගෙන දුම්රියට පැනීමට උත්සාහ කර ඇති බවටත් බිරිඳ ප්රකාශ කර ඇතැයිද පොලිසිය කීය.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී.
සුමිත් පොතුපිටිය



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                