හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඩුබායි රටේ සිට මෙහෙය වූ ප්‍රධාන සැලසුම්කරු ලෙස හඳුනාගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නැමැත්තා ජත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කර විවෘත වරෙන්තුවක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් අවිස්සාවේල්ල අධිකරණයෙන් එම අවසරය ලබාගෙන ඇත.
ඩුබායි සැඟව සිට හංවැල්ල සහ ඊට ආසන්න ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කීපයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු ලෙස හා එම ප්‍රදේශ වල පුද්ගලයන් කිහිපදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන පුද්ගලයා බවටත් සැකකරු හඳුනාගෙන තිබිණි
ඊට අමතරව හංවැල්ල හා ඊට තදාසන්න ප්‍රදේශ වල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීමේ ජාවාරම ද සැකකරු ගෝලබාලයන් ලබා මෙහෙයවා ඇති බවත් විමර්ශනවලදී අනාවරණය විය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
