දේශපාලන විසදුමක් ලබා ගැනිමට නොහැකි වු හේතුව රනිල් කියයි
දේශපාලන විසඳුමකට ළඟාවීමට මෙතෙක් නොහැකි වී තිබුණේ ඒකීය රාජ්‍ය පිළිනොගැනීම නිසා බවත් ලක් ඉතිහාසයේ ප්‍රථමවතාවට අද සියලූ දේශපාලන පක්ෂ ඒකීය රාජ්‍ය පිළිගෙන තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ රුපියල් මිලියන 474 ක් වැයකරමින් ඉදිකරන ලද කළුතර වානිජ සංකීර්ණය සහ පොදු වෙළෙඳ සංකීර්ණය ඊයේ(27) ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව කළුතර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති ජනහමුවේ දිය.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළ සිටියේ,
ඉතිහාසයේ කිසිදු අවස්ථාවක මෙලෙස පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූයේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අනෙකුත් පක්ෂ එක්ව කටයුතු කිරීම නිසා බව පෙන්වා දුන්නේය.
අද අප ජනතා අයිතියට පත් කරනු ලැබූ නව වානිජ සංකීරණය සහ පොදු වෙළෙඳ පොළ සංකීර්ණ ගොඩනැගිලි දෙකක් ලෙස පමණක් සිතිය යුතු නැහැ මෙය කළුතර නගරය දියුණු කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භ ගොඩනැගිලි දෙකක් ලෙස හැදින්විය හැකියි.
මේ අනුව මෙම නගර දියුණු කරමින් බස්නාහිර මහනගරයක් බවට පත් කිරීම අපේ අරමුණ වී තිබෙනවා. මෙය ඉන්දියන් සාගරයේ විශාලම නගරයක් බවට පත් කිරීම මේ වැඩපිළිවෙලේ මූලික අරමුණක් වී තිබෙනවා.
මේ ආකාරයට 2015 සිට මේ දක්වා අපේ අමාත්‍යංශ මගින් රටේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. උතුරේ නිවාස 65000 ඉදිකර දීමට අප සැලැසුම් කළා. ඉන් නිවාස (10,000) දස දහසක් මේ වසර අවසන් වීමට පෙර නිමකරනවා. වත්මන් රජය රටම ආවරණය වන පරිදි සංවර්ධන වැඩසටහන් දියත් කළත් ණය ගෙවීමේ අභියෝගයෙන් අප පැනලා ගියේ නැහැ. ඒ අභියෝගය අප භාරගත්තා.
2008 සිට අඛණ්ඩව ගන්න පුළුවන් හැම රටකින්ම හැම ආයතනයකින්ම අසීමිත ලෙස පැවැති ආණ්ඩුව ණය ලබා ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 ආර්ථිකය කඩාවැටී රට ඉදිරියට ගෙනයෑමට නොහැකි තත්ත්වයක් උදා වන බව හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායම අවබෝධකර ගත්තා.
ඒ අනුව 2014 අගභාගයේ ජනාධිපතිවරණය පවත්වා එහි බලයත් ඊළඟට මහමැතිවරණය පවත්වා එහි බලයත් සියතට ගැනීමට මේ අය උත්සාහ කළා. හොඳ වෙලාවට එම මැතිවරණ දෙකම ජයග්‍රහණය කිරීමට අපට හැකි වුණා. ඒ අනුව අපි ආණ්ඩුව පිහිටෙව්වා. ඒ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ මේ ආණ්ඩුව තව අවුරුද්දක් බලයේ ඉන්නේ නැති බවයි. අවුරුද්දක් ගත වන්නට පෙර ආණ්ඩුව කඩා වැටෙන බවට ප්‍රචාරයක් ගෙන ගියා. නමුත් ආණ්ඩුව ඉදිරියට ගියා. ඒ කාලය තුළ ආර්ථිකය කඩා වැටෙන්නට අප ඉඩ දුන්නේ නැහැ. එලෙස අමාරුවෙන් ණය ගෙවා දමමින් රටේ සංවර්ධනයක් සිදු කරමින් අප ඉදිරියට පැමිණියා යනුවෙන් ඔහු පැවසිය
.
popular news
-
Champa Tuesday, 29 January 2019 01:40 AM
මොන පිස්සු කතාවක්ද? ලංකාව ඒකීය රාජ්‍යයක් කොහොමත්. ආයේ එක එකා පිළිගන්න හෝ විරුද්ධ වෙන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව කලේ බොරුවට ඒකීය කියන එක නිකම් අලුත් වචනයක් වගේ සමාජයට ගෙනල්ල දාපු එක සහ ඒ හරහා ෆෙඩරල් ව්‍යවස්ථාවේ දරුණු කම වහන්න හදපු එක. අගමැතිතුමා එළවලු market එකක් open කරලා නේද මේ කැහැගහන්නේ? පොව් අප්පා!
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

