චීනය හා බ්‍රසීලය අතර සිදුකරන ජාත්‍යන්ත වෙළදාමේදී ඇමෙරිකානු ඩොලරය අතරමැදි මුදල් ඒකකයක් වශයෙන් භාවිත කිරීම අත්හැරීමට දෙපාර්ශ්වය තීරණය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.මේ සඳහා වන එකඟතාවයකට දෙරටේ මහ බැංකු දෙක පැමිණ තිබේ.
ඒ අනුව චීනය හා බ්‍රසීලය අතර සිදුවන වෙළඳ ගනුදෙනුවලදී දෙරටේ මුදල් ඒකක භාවිත කරමින් ගනුදෙනු සිදුකිරීමට නියමිතය.
චීනය හා බ්‍රසීලය අතර ද්විපාර්ශ්වීය වෙළඳාම2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 150.5ක් වූ බ්‍රසීලයේ විශාලම වෙළඳ හවුල්කරුවා වන්නේ චීනයයි.
ශ්‍රී ලංකාව හා චීනය අතර 2021 වසරේදී ද්විපාර්ශ්වීය වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.89ක් වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
