සිංහරාජයේ පාර කපන කොටස ජනපතිගේ විෂය පථයට අයත්
සිංහරාජ වනාන්තරයේ පාර කපන කොටස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විෂය පථයට අයත් බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.
සිංහරාජ වනයේ පාරක් කපන බවට තමාට තවමත් පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, එවැනි පැමිණිල්ලක් ලැබුණු පසු ඒ පිළිබඳ සොයා බලන බවත් ඔහු පවසා සිටියේය.
පාර කපන කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත්, එම විෂය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් නිසා ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බලනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
Kumar Monday, 14 January 2019 10:52 PM
දැනට වසර 30 කට කලින් මම රාජකාරියක් සඳහා දෙනියායේ සිට ගින්ගගේ පහලට යනවිට වාහන යන්න පුළුවන් පාරවල් කිහිපයක තිබුනා. ඒ විතරක් නොවේ එම පාර දෙපස තේ වගාකර තිබුනා. ඒ කෙසේ වෙතත් අපේ වියපෘතියට මනින්න පැමිණි මිනිදෝරු කණ්ඩායමට පඳුරක අත්තක්වත් කපන්න දුන්නේ නැත. දැන් බොරුවට කෑගහනවද?
Reply : 0 0
rocky Tuesday, 15 January 2019 06:56 AM
සිංහරාජෙත් ලෝක උරුමයක්ද මොකද්දෝ කියනවා නේද? ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන ජනාධිපතිට බලතල තියනවා ඕන උරුමයක් කැන්සල් කරන්න. එතුමා දැන් ත්‍රිපිටකයත් ලෝක උරුමයක් කොරනවා කියනවානේ? ත්‍රිපිටකය හරහා පාරක් කපන්න පටන් ගත්තොත් එක වලක්වන්න බැහැ !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

