මෝඩාභිමානය ඉදිරිපත් කළ ජයනි අත්අඩංගුවට
බෞද්ධ ආගමට අපහාස වන පරිදි " මෝඩාභිමානය " නැමැති වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කළ ජයනි නටාෂා එදිරිසූරිය නැමැත්තිය අද (28දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව යාමට පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපළ දී කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරීවරයෙකු සනාථ කළේය .
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නටාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා රැදී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මේ වනවිට මෙම කාන්තාව කොළඹ , නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
popular news
-
Samson de Silva Sunday, 28 May 2023 04:28 AM
Ara pansalaka ahinsaka saamanera daruwekuta kaalayak mululley lingika athawara karapu pansaley nayaka haamudurowo saha anikuth hamuduruwaru dedenaata mokada wuney? Rajapaksa kiyalaa neela kaasa horek Suddhodana rajugeth, ema nisaa Buduhamuduruwangeth kittu nedeyek kiyapu minihata mokada wuney?
Reply : 6 0
Deepal Nirosh Monday, 29 May 2023 12:08 AM
අර ජෙරම් ප්‍රනාන්දු පියතුමා වගේම මෙතුමියත් බුදුදහමට හා ආගමවලට අපහාස දනවන ප්‍රකාශයක් කර පෙරළා සමාව ගත්ත. ඉතින් ඇයි මෙතුමිය සම්බන්ධයෙනුත් ජෙරම් ප්‍රනාන්දු පියතුමාට අනුගමනය කළ ප්රතිපත්තියම අනුගමනය කරන්න බැරි? තමා අත්අඩංගුවට ගැනීම වළක්වන උසාවි නියෝගයක් ලබා ගැනීමේ පෙත්සමක් ගොනු කරන්න ඇයි මෙතුමියට විතරක් ඉඩ නො දෙන්නෙ? කෙනෙක් සභාවක දි සහාබාගිත්වයේ විශේෂ අවධානය දිනා ගන්න කරන පොඩි පොඩි ප්‍රකාශ ජාතිවාදී වර්ගවාදී ආගම්වාදී ලෙස අර් ථකතනය කර මේ වගේ අසාධාරණ නීති ක්‍රියාත්මක කිරීම ඇත්තටම රටේ ජාතික සංහිඳියාවට බාධාවක්. ඒ ප්‍රකාශ ඒ සබාව තුළ විතරයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

