කොල්ලුපිටියේ සිට දෙහිවලට වෙරළ නගරයක් - පාඨලී
කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ නගරයක් ඉදිකරන බවත් ඒ අනුව ඉදිරි දශකයේදී කොළඹ නගරයට වෙරළක් ලැබෙන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ වරාය නගරය වෙනුවෙන් මුහුද ගොඩකිරීම අවසන් කිරිමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව අද (16දා) සඳහන් කළේය.
“සියවස් ගණනාවක් කලු ගඟෙන් මුහුදට ගිය ඒ වැලි කන්ද නැවත් අපි මෙතන (කොළඹ වරාය නගරය) තැන්පත් කර තිබෙනවා. මිලියන කියුබික් මීටර් 70ක් පමණ. ඒ මගින් අපෙන් ඉවතට ගිය පරිසයක් අපි ගොඩනගලා තිබෙනවා.
කඩුවෙල රාජගිරිය, බත්තරමුල්ල පරිපාලන නරගය, බේරේ වැව වාණිජ නගරය සම්බන්ධ කරන සැහැල්ලු දුම්රිය අපි මේ නගරයට සම්බන්ධ කරනවා.
ජලය, විදුලිය, කසළ ප්‍රශ්ණ අපි විසඳා තිබෙනවා. ප්‍රධාන ඉඩම් කොටස් හතරේ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර රෝහලක් හා ජාත්‍යන්තර සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් ඉදිකරනවා.
ඉන්දියානු සාගරයේ ප්‍රධානම ආර්ථික මධ්‍යස්ථානය, ජවන එංජිම මෙතින්න් ගොඩ නැගෙනවා.
ඒකල ගුවන් නගරය, තාක්ෂණ නගරය හෝමාගම, පරිපාලන නගරය බත්තරමුල්ලේ, ප්‍රවර්ධන නගරය කෙරවලපිටිය ප්‍රදේශයේ, බේරේ වැව අවට වාණිජ නගරයත් එක්ක අපි බලාපොරොත්තුවෙනවා කොල්ලුපිටියෙ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න.
වෙරළ නගරයට දැන් ශක්‍යතා අධනය කරනගෙන යනවා. නව වෙරළක් ඉදිරි දශකයෙදී ලැබෙනවා. මෙය ලංකාවේ සිදුවූ විශාලම පෞද්ගලික ආයෝජනයයි.”

popular news
- 
                            gunasena Wednesday, 16 January 2019 03:33 PM හොඳ සැලසුම් වලින් හොඳ ප්‍රතිපල ලැබේ. Reply : 3 2 Bandula. Friday, 18 January 2019 12:01 PM ඔන්න අපිට අලුත් ජනපති අපේක්ෂක යකුට සුදුසු මහත්මයෙක්.... Reply : 0 1 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                