විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ජපන් රජය විසින් පිරිනමනු ලබන “සූර්ය ස්වර්ණ” සම්මානයෙන් පිදුම් ලැබු අතර, එම සම්මානය පිරිනැමීමේ උත්සවය අද (22දා) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජපානය සමග මිත්‍රශීලී සබඳතාව වැඩදියුණු කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ජපාන රජය “සූර්ය ස්වර්ණ” (The Order of the Rising Sun) සම්මානය වර්ෂයකට දෙවතාවක් විදේශිකයෙකුට පිරිනමයි.
මෙම අවස්,ාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, විශ්වවිද්‍යාල කුලපතිවරු, උපකුලපතිවරු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.



