කඩවත මහර 09 කණුව ආසන්නයේදි ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව පැලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමේ නියෝග මත රඳවා සිටින සැකකරුවෙකු වන සිංහ ආරච්චිගේ සහන් නවෝද්‍ය නොහොත් පැන්ඩා නමැත්තාට අයත් ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධ කරුවකු සමග යම් අපරාධමය ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් සඟවා තබන ලද චීනයේ නිශ්පාදිත මි.මී. 9 වර්ගයේ පිස්තෝල අවියක් හා ජිව උණ්ඩ 23 ක් මැගසින් එකක් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සඳහා අවි අයුධ කුලී පදනම මත ලබාදෙන බවට කරුණු අනාවරණය කරගෙන ඇත.
එම ගිනි අවිය සහ ජීව උණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා කඩවත පොලිසිය වෙත භාර දී ඇත.