“ප්ලාස්ටික් වලින් තොර පුදබිමක් - 2030”
2026 රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර මංගල්‍යය සමඟ මධ්‍යම පරිසර අධිකාරිය විසින් “ප්ලාස්ටික් වලින් තොර පුදබිමක් - 2030” (Polythene Free Sacred Zone - 2030) වැඩසටහන ආරම්භ කරන ලදී. පස් අවුරුදු වැඩසටහනක් වන මෙම වැඩසටහන අනුව 2030 වර්ෂය වන විට කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්රිත ප්‍රදේශය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.
වර්ෂය පුරාම බැතිමතුන් තම වන්දනා මාන කටයුතු සඳහා කතරගම නගරයට පැමිණෙන අතර පෙරහැර සමයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කතරගමට පැමිණේ. කතරගම පුදබිම වර්ෂය පුරා පොලිතීන් වලින් තොර පුදබිමක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරයි.
ඒ අනුව, බැතිමතුන්, ප්‍රදේශයේ ජනතාව, වෙළෙඳසැල් හිමියන් දැනුම්වත් කිරීම, තහනම් පොලිතීන් ප්ලාස්ටික් වැටලීම් වැඩිවශයෙන් ක්‍රියාත්මක කිරීම, පූජා කටයුතු සඳහා භාවිත කරන ප්ලාස්ටික් හෝ ප්ලාස්ටික් අන්තර්ගත භාණ්ඩ අවම කිරීමට පියවර ගැනීම සහ ඒ සඳහා භාවිත කළ හැකි පරිසර හිතකාමී භාණ්ඩ හඳුන්වාදීම, කසළ කළමනාකරණ ගැටලු සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලබා ගැනීම සඳහා පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන නියමු වැඩසටහනක් පසුගිය වසර දෙකක කාලයක් ක්‍රියාත්මක කළ අතර එමගින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි විය. ඒ අනුව, ප්ලාස්ටික් මල්මාලා වෙනුවට ස්වාභාවික මල්මාලා හඳුන්වාදීම, ප්ලාස්ටික් මලු වෙනුවට පරිසර හිතකාමී මලු හඳුන්වාදීම, කසළ ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවීම මෙන්ම ජනනය වන කසළ ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා යොමු කර ගත හැකි අයුරින් එක්රැස් කර ගැනීම ආදී වූ ධනාත්මක ප්‍රතිඵල ලබා ගත හැකිවී තිබේ.
අවිධිමත් කසළ බැහැර කිරීම මගින් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ දූෂණයවීම වැළැක්වීම මගින් පරිසර සංරක්ෂණය සඳහා පියවර ගැනීම වැඩසටහනෙහි අරමුණයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

