“පළිඟු රෑන” පාර්ලිමේන්තුවට
2025 සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කරනු ලබන “පළිඟු රෑන” වේදිකා නාට්‍යය 2025.10.23 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) ප. ව 6.30 ට වේදිකා ගතවීමට නියමිතව ඇත.
මෙලෙස වේදිකාගත කෙරෙන මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය ප්‍රකට ඇමරිකානු නාට්‍යකරු Tennessee Williams ගේ The Glass Menagerie නම් විශිෂ්ට ගණයේ වේදිකා නාට්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කර ඇත.
ශ්‍රී ලංකීය නාට්‍යකරු හෙන්රි ජයසේන මහතා විසින් සිංහලට පරිවර්ථනය කරමින් රචනා කල මෙම “පළිඟු රෑන” වේදිකා නාට්‍ය, පුජිත ද මෙල් මහතා විසින් අධ්‍යක්ෂණය කර ඇත චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කනිස්කා, මනුෂි ටානියා, බිම්සර සිල්වා යන රංගන ශිල්පින්ගේ රංගන දායකත්වයෙන් මෙම නාට්‍ය වේදිකා ගතවනු ඇත.
මේ අවස්ථාව සඳහා ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා , අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්,විදෙස් තානාපතිවරුන්, ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

