නියාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයට කඩාවැදුණු තිදෙනෙකු එහි මුරකරු බිය ගන්වා පොහොර ගබඩාවේ තිබු පොහොර කොට්ට 14ක් සොරකම් කරගෙන ගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි.
පොහොර ගබඩාව වෙත පැමිණි තිදෙනෙකු මුරකරුට කෑනොගසන ලෙස බිය ගන්වා “අපි ගොවින්” යැයි පවසා ඇත.පසුව පොහොර ගබඩාවේ ඉබියතුර කඩා එහි තිබු කාබනික සහ රසායනික පොහොර කොට්ට 14ක් සොරකම් කරගෙන ගොස් ඇති බව පිටිගල පොලිසිය පැවසීය.
මෙම පොහොර සොරකම පිළිබද නියාගම ගොවිජනසේවා මධ්‍යස්ථානයේ මුරකරු විසින් පිටිගල පොලිසියට පැමිණිලි කර ඇත.
පොහොර සොරකමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පිටිගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මහේෂ් කරුණාරත්න මහතා ඇතුළුනිලධාරීන්විසින්පරික්ෂණ සිදුකරයි.
හිනිදුමරවීන්ද්රශ්රීලාල්