බලය බෙදාහැරීමට ඉන්දියාව සහාය ලබාදෙන බවත්, 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වේවි යන විශ්වාසය ඉන්දියාවට ඇති බවත් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත නායක කේ. අන්නාමලෙයි මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (02දා) දින යාපනය නල්ලූර් කෝවිලේ දේව මෙහෙයකට සහභාගි වීමෙන් අනතුරුව ආගමික නායකයන්, දෙමළ දේශපාලන පක්ෂනායකයන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන්ම යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයන්ද හමුවීමෙන් අනතුරව මාධ්‍යට අදහස් දැක්වීය.
මේ දිනවල කේ. අන්නාමලෙයි මහතා යාපනයේ සංචාරයක නිරත වී සිටින අතර, එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,
"ශ්‍රී ලංකාවේ සාමය ඇති විය යුතු යැයි යන අදහසින් අපේ රජය කටයුතු කරනවා. රජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයාගේ කාලයේ ඇති කරගත් ගිවිසුමක් අනුව ගෙන එනු ලැබූ 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව පසුගියදා කොළඹට පැමිණි ඉන්දියාවේ විදේශ අමාත්‍ය ජයශංකර් මහතා කියා තිබුණා.
උතුරු නැගෙනහිර පළාත්වල සාමය හා යහපත් ආර්ථික තත්ත්වයන් ඇති කිරීම සඳහා ඉන්දියාව විවිධ සහයෝගයන් ලබාදෙනවා. ඔවුන්ට හොඳ විසඳුමක් ලැබෙයි කියලා විශ්වාශ කරනවා. ඒ වගේම බලය බොහැරීමට ඉන්දියාව සහාය දක්වනවා.
අපේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් සිදුකරන ලබන ප්‍රකාශ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සිදුකරන ප්රකාශයි. එය ඉන්දියාවේ නිල ස්ථාවරයයි. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහි පැමිණ කුමක් පවසුවද එය අනිවාර්යයෙන්ම සිදුවේවි කියන විශ්වාසය අපට තියෙනවා. එයට ඉන්දියාව සහාය දෙනව"