’’මම මැරෙනවා’’ යැයි පෙම්වතියට කියූ 17 හැවැරිදි පෙම්වතා දිවි නසාගෙන
මෙලෙස මියගොස් තිබුණේ බටුවිට උතුර නිවසක තාවකාලිකව පදිංචිව සිටී හෝටල් පාඨමාලාවක් හදාරමින් සිටි දිනෙත් තශ්මික දෙව් ශී වික්රමසිංහ යන තරුණයා ය.
සෙවනගල ප්රදේශයේ ස්ථිර පදිංචි මියගිය තරුණයා මිට මාස හතරකට පමණ ඉහත දී මවගේ හොඳම මිතුරියගේ නිවසේ නවාතැන් ගෙන මාස එකහමාරක පමණ කාලයක සිට බුලත්සිංහල ප්රදේශයේ පාඨමාලාවක් හැදෑරීම සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් 8 වෙනි දින සුපුරුදු ලෙස පාඨමාලාව ව සඳහා ගොස් නිවසට පැමිණ තිබූ තරුණයා එදින රාත්රී නින්දට ගොස් තිබූ අතර පසුදින එම නිවසේ හිමිකාරියගේ සහෝදරිය සුපුරුදු ලෙස තරුණයාව අවදි කිරීම සඳහා කාමරය වෙත යාමේදී තරුණයාගේ සිරුර බඳ පටියකින් එල්ලෙමින් තිබෙනු දැක පොලිසිය දැනුවත් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මියගිය තරුණයා පෙර දින රාත්රියේ දී 17 හැවිරිදි පෙම්වතියට දුරකථන ඇමතුමක් ගෙන කතාබස් කරමින් සිටින අවස්ථාවේදී "මට දැන් ජීවත් වෙලා වැඩක් නෑ මම මැරෙනවා" යැයි පැවසීයැයි එම තරුණියගෙන් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
popular news
-
Siyadivi Tuesday, 15 August 2023 01:57 AM
Ek ekkenata kiyanna ona nahane
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

