"ජන අරගලයේ පුරවැසියෝ" නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා අරගලයේ නිරත වුවන් පිරිසක් අද (18දා) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අදාල ලියකියවිලි බාරදී තිබේ.
ඇතැම් කල්ලි කණ්ඩායම් අරගලය අපයෝජනය කිරීමට උත්සහ දරුවත් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් දිගටම පෙනී සිටින බව ජන අරගලයේ පුරවැසියෝ පක්ෂයේ ලේකම් චානක බණ්ඩාර මහතා පැවසීය.
අභියෝග කොතෙක් පැමිණියත් රටේ සංවර්ධනය වෙනුවෙන් සහ ජනතාවගේ දියුණුව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවද ඔහු සඳහන් කළේය.