මාධ්‍යවේදීන්ට සිදු වූ ඝාතනයන්, පහරදීම්, පැහැරගැනීම්, බියවැද්දීම් සහ තර්ජනය කිරීම් ආදියට විධමත් පරික්ෂනයන් ඉල්ලා ''කලු ජනවාරිය'' නමින් විරෝධතාවක් ඊයේ (31දා) යාපනයේදී සංවිධානය කර තිබුණි.
යාපනය, මන්නාරම්, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි මාධ්‍ය සමාජයන්හි මාධ්‍යවේදීන් හා යාපනයේ සිවිල් සංවිධාන එකමුතුව යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී කලුපටි බැඳගනිමින් ''කලු ජනවාරිය'' ලෙස නම්කොට මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.
ගෙවී ගිය කාලවකවානුවේදී විවිධ රජයන් යටතේ මාධ්‍යෙව්දීන් ඝාතනය වීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණ විසඳුමක් ඉටුනොවීම මාධ්‍ය ක්ෂේස්ත්රයටම කලු පැල්ලමක් එල්ලවී ඇති අතරම , මාධ්‍යවේදීන්ට පහරදීම්, පැහැරගැනීම්, බියවැද්දීම් සහ තර්ජනය කිරීම් ආදියට විශාල පිරිසක් මේ වන විටත් මුහුණ පෑවද ඔවුන් වෙනුවෙන් පිළිගත හැකි සාධාරණයක් ඉටු වී නොමැති බවට විරෝධතාවයේ නිරතවූවන් පැවසූහ.


